LATEST NEWS

Monday 16th January 2017 22:48:32


News

NDB හි ප්‍රධාන විධායක තනතුර දිමන්ත සෙනෙවිරත්නට


Views : 93     January 05, 2017 10:25 am


ජාතික සංවර්ධන බැංකුව පීඑල්සී (NDB) නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස දිමන්ත සෙනෙවිරත්න පත්ව තිබෙනවා.

දිමන්ත සෙනෙවිරත්න බැංකුකරණ ක්ෂේත‍්‍රයේ වර්ෂ 26කට ආසන්න පළපුරුද්දක් සහිත බැංකුකරුවෙක්.

ගතවූ වර්ෂ තුනක කාලසීමාවේදී සෙනෙවිරත්න පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරී/අධ්‍යක්ෂ ලෙසද කටයුතු කර තිබෙනවා.

ඊට පෙර වර්ෂ 15ක කාලයක් HSBC සමූහයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව තනතුරු කිහිපයක්ම උසුලා ඇති සෙනෙවිරත්න බැංකු ක්ෂේත්‍රයේ වෘත්තියට පිවිස ඇත්තේ සම්පත් බැංකුව සමග සම්බන්ධ වෙමින්.

එසේම ඔහු HSBC සමග සම්බන්ධවීමට පෙර ඕවර්සීස් ට්‍රස්ට් බැංකුවේ කොළඹ ශාඛාව සහ සෞදි බ්‍රිටිෂ් බැංකුවටද සේවය ලබාදී තිබෙනවා.