LATEST NEWS

Monday 20th February 2017 05:02:11


News

ගයාන් චතුරිකා ආදර කතාවේ රහස් ගයාන්ගේ පළමු බිරිඳ C News වෙත හෙළි කරයි-PHOTOS


Views : 32167     January 05, 2017 06:03 pm


පසුගියදා ගයාන් සහ චතුරිකා පිලිබඳ  සමාජජාල හරහා විවිධ ආකාරයේ ප්‍රවෘත්ති පළවුණා. එහිදී චතුරිකා සඳහන් කර තිබුනේ ගයාන්ගේ වැඩිමහල් පුතණුවන් ඔවුන් සමඟ වාසය කරන බවත් දරුවාට ඇය මවක මෙන් ආදරය හා රැකවරණය ලබා දෙන බවයි.

මේ පිළිබඳව C News සත්‍ය දැනගැනීම සඳහා  ගයාන්ගේ පළමු බිරිඳගෙන් විමසා සිටියා. 

එහිදී ඇය සඳහන් කල කඳුළු කතාවයි මේ.

ගයාන් මාවයි පුතාලා දෙන්නයි දාල 2012 යන්න ගියා. ලොකු පුතා නෙතුසරට ඒ වෙනකොට අවුරුදු දෙකාමාරයි. පොඩි පුතා අග්‍රාට අවුරුද්දයි . එදා ඉදන් ළමයි දෙන්න හදාගන්න වගේම උගන්වන්න ගොඩාක් මං දුක් වින්දා. 

බැරිම තැන මම ගයාන්ගෙන්  නඩත්තු ඉල්ලා නඩුවක් දැම්මා.  එත් ගයාන් ඉල්ලපු  ගනන අපිට  දුන්නේ නැහැ. එයා අපිට රුපියල් 30000ක්  දුන්නා. මටයි පුතාල දෙන්නටයි  ඉන්න තැනක් තිබුනේ නැහැ .අපි කුලියට ගෙදරක හිටියේ. ඒකට මාසෙට කුලිය 11000 ක්  දෙන්න ඕන. ඉතුරු ටික පුතාල ට උගන්වන්නයි  ජීවත් වෙන්නයි මදි. ඉතින් මම  ඩුබායි අවා රස්සාවක් කරන්න. 

එතකොට දැන්  බබාලා දෙන්නා කෝ..?  

මට නීතියෙන්  බබාලා දෙන්නාගේ  අයිතිය හිමි උනා. ගයාන්ට සතියකට දවසක් බලන්න අවසර ලැබුනා. මුල්  කාලයේ නම්  ගයාන් අවා ළමයි බලන්න. එත් පස්සේ කල් යද්දී  එයා ආවේ නැහැ. සමහර දවස්වල පුතාලාට තාත්තාට  කතා කරන්න ඕනි කියලා   දුරකථන ඇමතුම් දුන්නත් එයා කතා කලේ නැහැ.  මේ දේවල් බලාගෙන ඉතින් බැරිම තැන මගේ අම්මා ලග පුතාල දෙන්න දාල  මම රට අවා.

දැන් අම්මා ගාව බබාලා හොදින් ඉන්නවද ? 

මම රට ආවට පස්සෙ ගයාන් අපේ අම්මාගෙන් පුතාල දෙන්න ඉල්ලගෙන ගිහින් ගයාන් එයාගේ නංගියි,මල්ලියි ලග මගේ දරුවෝ නතර කරලා  ඒ මාතලේ.
එහෙ ඉන්නකොට මගෙ පොඩි පුතා දග කරනව කියලා ගයාන් එයාට ගහල මුහුණත් තුවාල කරලා.  මට එක ආරංචි  උනා විතරයි.  මට හොදටම කේන්ති ගියා. ඉතින් මං අපේ අම්මට කිව්වා පොලිසි යන්න කියලා. ඒ අනුව අම්මා පොලිසියේ පැමිණිල්ලක් දාලා තිබුනා.  ඊට පස්සෙ පොඩි පුතා විතරක් අපේ අම්ම්ට බාර දීලා තිබුනා. මට පුදුම ලොකු පුතාව විතරක්  තියාගත්තේ ඇයි කියලා පස්සේ මට එකට උත්තර ලැබුනා, ඒ ලගදී පත්තරේ ගිය ලිපියක් දැක්කම එකෙන් මට තේරුණා එයාලා එහෙම කරන්නේ එයලගෙ වාසිය වගේම ජනප්‍රියකම තියාගන්න විතරයි කියලා.

නමුත් පත්තරේට ගයාන් කියලා තිබ්බා පුතා චතුරිකාට ආදරෙයි කියලා ?

ඒ එයාලා කියන බොරු මගෙ පොඩි පුතාට එයාලා කිව්වලු  සුදු අම්මා කියලා කිව්වේ නැත්නම් ගහනවා කියලා .
මේ ඔකොම එයාලා කරන්නෙ වාසියට.කවදාවත් මගේ දරුවන් මං කාටවත් දෙන්නේ නැහැ.චතුරිකාට පුලුවන්ද මගෙ දරුවෝ දෙන්නට අම්මා වෙන්න.අම්මා කෙනෙක්ගේ දුක දන්නේ අම්මා  කෙනෙක් විතරයි.

ඔබේ  අනාගතය  ගයාන් ගේ වගේ අලුත් වෙයිද ? 

කවදාවත් නැහැ. මගේ ජීවිත මගේ දරුවන් දෙන්නා විතරමයි. මං ඉල්ලීමක් කරනවා  අහිංසක  දරුවන් එයාලගේ වාසියට , ජනප්‍රියකමට පාවිච්චි කරන්න එපා කියලා.

ඇගේ කඳුළු කතාවේ තවත් කොටසක් ළඟදීම බලාපොරොත්තු වන්න.
 

01 02 03 04

 

MOST HITS IN A WEEK

READ MORE