LATEST NEWS

Monday 16th January 2017 22:47:44


News

ආණ්ඩුව පෙරලීමට හවුල් කෙනෙක් ගැන අගමැති හෙළි කරයි 


Views : 886     January 07, 2017 06:34 am


ආණ්ඩුව පෙරළීම සඳහා මාධ්‍ය මෙහෙයුමක් දියත් වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු පවසන්නේ මෙම වසර තුළ වත්මණ් ආණ්ඩුව පෙරළා දමන බවට විරුද්ධවාදී ඇතැම් පිරිස් ප්‍රකාශ කළ ද එය යථාර්ථයක් බවට පත් නොවනු ඇති බවයි.

කුමන බාධා පැමිණියද ආණ්ඩුව සැලසුම් කර ඇති සංවර්ධන ක්‍රියාමාර්ගයන් එලෙසම ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍යවරයා පවසනවා.

හම්බන්තොට වරාය ඇතුළු ආයෝජන කලාපයේ එළඹෙන ගිවිසුම් පිළිබඳව සියලු පාර්ශව දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි කැලණිය ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගීවෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේ.