LATEST NEWS

Monday 20th February 2017 05:01:32


News

ගණිත අංශයේ ප්‍රථමයා ජීවිතයෙන් සමුඅරන් (PHOTOS)


Views : 2188     January 07, 2017 12:34 pm


උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවියක් තමන් දිස්ත්‍රික්කයේ පළමු තැන හිමිකරගත්  ප්‍රතිඵලය ලැබෙන විට සියල්ලන් හඬවමින් ඇය මෙලොවින් සමුගෙන ගොස් තිබුනා.

මේ සංවේදී පුවත වාර්තා වන්නේ වවුනියාවෙන්.

ඇය මියගොස් තිබෙන්නේ කුරුණෑගල - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ පසුගියදා මහව - සිංහාරගම ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින්.

ඔවුන් ගමන් ගත් කැබ් රථය මාර්ගය අසළ නවතා තිබූ කන්ටේනර් රථයක ගැටීමෙන් අනතුර සිදුවූ  බව පොලීසිය සදහන් කළා.

මෙම රිය අනතුරින් ඇයගේ ඥාති වෛද්‍යවරියක් සහ තවත් අයෙක් ද  මියගියා.

සත්‍යනාදන් ශිවදුර්ගා නම් මෙම සිසුවිය අධ්‍යාපනය ලැබුවේ වව්නියාව රම්බෙයිකුලම් කාන්තා විද්‍යාලයෙන්.

කෙසේ වෙතත් අද උදෑසන නිකුත් වූ 2016 වසරේ උසස්පෙළ ප්‍රතිඵල වලට අනුව ඇය වව්නියාව දිස්ත්‍රික්කයේ ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය ලබා ඇති බවයි වාර්තා වන්නේ.

 

151489_1 151489_2-copy 151489_3

 

MOST HITS IN A WEEK

READ MORE