LATEST NEWS

Monday 16th January 2017 22:49:04


News

ඕස්ට්‍රේලියාව තම මවු රටේදී වැඩ පෙන්වයි 


Views : 99     January 07, 2017 02:00 pm


සංචාරක පාකිස්තාන පිළ සමඟ පැවැති තුන්වන ටෙස්ට් තරඟයෙන් ලකුණු 220ක ජයක් ලැබීමට  ඕස්ට්‍රේලියාව අද සමත් වුණා.

සිඩ්නි නුවර පැවැති මෙම ටෙස්ට් තරඟයේදී පළමු ඉනිමේ ලකුණු 315ක් ලැබූ පාකිස්තානය දෙවන ඉනිමේදී රැස් කර ගත්තේ ලකුණු 244ක් පමණයි.

ඕස්ට්‍රේලියාව පළමු ඉනිම සඳහා කඩුලූ 8ක් දැවී ලකුණු 538ක් ද දෙවන ඉනිම සඳහා කඩුලූ 2ක් දැවී ලකුණු 241ක් ද ලබාගත්තා.

ඕස්ට්‍රේලියා කණ්ඩයමේ ඩේවිඩ් වෝනර් ටෙස්ට් ඉනිමක දෙවන වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමද මෙම තරඟයේදී සිදුවීම විශේෂත්වයක්.

මෙම ජයග්‍රහණයත් සමඟ ඕස්ට්‍රේලියාව ටෙස්ට් තරගාවලිය ජයගත්තේ තුනට බින්දුවක් ලෙසයි.