LATEST NEWS

Monday 20th February 2017 05:02:00


News

රටේ බිම් අඟලක්වත් කිසිදු රටකට දෙන්නේ නෑ - ජනපති 


Views : 156     January 07, 2017 02:34 pm


මෙරට බිම් අඟලකවත් අයිතිය ලෝකයේ කිසිදු රටකට ලබාදීමට තමන් සූදානම් නොමැති බවත්, කර්මාන්ත මෙන්ම නව ආයෝජන රටට අවශ්‍ය නමුත් ඒ සඳහා ඉඩම් ලබාදෙන්නේ ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සහ නීතිරීතිවලට එකඟව බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

තවද හම්බන්තොට වරාය සහ කර්මාන්තපුරය පිළිබඳ ඇතැමුන් ගෙන යන ප‍්‍රචාර වැරදි බවද ජනපතිවරයා  පෙන්වා දුන්නා.

කර්මාන්ත මෙන්ම නව ආයෝජන රටට අවශ්‍ය නමුත් ඒ සඳහා ඉඩම් ලබාදෙන්නේ ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සහ නීතිරීතිවලට එකඟව බව පැවසූ ජනාධිපතිවරයා, ඇතැමුන් සඳහන් කරන පරිදි ජනතාව ඔවුන් පදිංචි ගම්මානවලින් ඉවත් කිරීමට හෝ ඓතිහාසික වටිනාකම්වලින් යුත් වෙහෙර විහාරස්ථාන කඩා බිඳ දැමීමේ කිසිදු අකටයුත්තකට රජය ඉඩ තබා නොමැති බව ද සඳහන් කළා.

රටවල්, ව්‍යාපාරිකයින්, ආයෝජකයින් හෝ ජාත්‍යන්තර සංවිධාන සමග ඇතිකරගන්නා වූ සියලු ගිවිසුම් ඇති කර ගන්නේ ඉතා විවෘත භාවයකින් බව පැවසූ ජනාධිපතිවරයා රටේ සංවර්ධනයට වත්මන් රජය ඉතා අවංකව කැපවී සිටින බවයි ප්‍රකාශ කලේ.

ඔහු මෙම අදහස් පල කලේ ඊයේ පැවති උත්සවයකට සහභාගී වෙමින්.

 

MOST HITS IN A WEEK

READ MORE