LATEST NEWS

Monday 16th January 2017 22:47:16


News

පීරිස් යුවළට උන්හිටි තැන් අහිමි වෙයි 


Views : 3299     January 09, 2017 08:57 am


ගෞරවයට ලක්වූ කලා ශිල්පී යුවළක් වන 98 හැවිරිදි ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස් සහ සුමිත්‍රා පීරිස් යුවළ වසර 47 ක් තිස්සේ ජීවත්ව සිටි බව කියන කොළඹ ආර් ඒ ද මැල් පාරේ කුලී නිවස ඔවුන්ටත් නොදන්වා එහි හිමි කරුවන් විසින් වෙනත් පාර්ශවයකට විකුණා දැමීම නිසා ඔවුන් අපහසුතාවයකට පත්ව තිබෙනවා.

එහි සැබෑ අයිතිකරු මෙම ගනුදෙනුව ගැන යුවළ දැනුවත් කිරීමටවත් කටයුතු කර නැති අතරමෙම සිද්ධිය පිලිබඳ ඔවුන් දැනගෙන ඇත්තේ නිවසේ ලිපිනයට නීතීඥ සමාගමකින් පැමිණි ලිපියකින්.

මෙම නිවසේ හිමි කරුවන්ට පීරිස් යුවළ මාසික කුලී ගෙවමින් මෙපමණ කාලයක් කිසිදු කරදරයක් නොමැතිව වාසය කළ බවත් ඇතැම් පිළිසකර කිරීම් පවා තම වියදමින් සිදු කරගත් බවත් පැවසු සුමිත්‍රා පීරිස්  මෙි ආකාරයට අපහසුතාවයට ලක්කිරීම අසාධාරණයක් බවයි ඇය සඳහන් කලේ.

කෙසේ වෙතත් මෙවැනි කරදරයක් ගැන ඔවුන් කල් ඇතිව දැන සිටියේ නම් සුමිත්‍රා පීරිස්ට අයත්ව තිබී පසුගියදා අලෙවි කරන ලද කෝට්ටේ පිහිටි නිවාසයද එසේ නොවිකුණා සිටින්නට ඉඩ තිබුනේ නොවේදැයි ඇය පවසයි.

මෙම ආරංචිය තවමත් ලෙස්ටර් ජේම්ස් පීරිස් දන්නේ නැති බවත් ඔහු මෙය දැනගතහොත් වයසේ හැටියට කම්පනයක් ඇතිවී මානසිකව රෝගී වන්නට ඉඩ ඇති බවත් සුමිත්‍රා පීරිස් පෙන්වා දෙනවා.