LATEST NEWS

Monday 16th January 2017 22:48:14


News

පවුලේ ව්‍යාපාර පාලනය කරන අයුරින් රට පාලනය කරන්න එපා - ඔබාමාගෙන් අවවාදයක්    


Views : 121     January 09, 2017 04:18 pm


පවුලේ ව්‍යාපාරයක් කළමනාකරණය කරන ආකාරයෙන් ධවල මන්දිරයේ සිට රට පාලනය කිරීමෙන් වළකින්නැයි ඇමරිකාවේ සමුගන්නා ජනපති බරක් ඔබාමා ඒ බී සී රූපවාහිනිය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී අනාගත ජනපති ට්‍රම්ප්ට අවවාදයක් කර තිබෙනවා.

ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු පෘථිවියේ ඇති විශාලතම සංවිධානයේ ප‍්‍රධානියා තමන් බව සිතට ගතයුතු යැයි ද එහිදී බරක් ඔබාමා ප‍්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

ට්‍රම්ප් ඉඩකඩම් අලෙවිය සම්බන්ධ ඇමරිකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකුව සිටි අයෙකු වන අතරම ඔහුගේ ව්‍යාපාර පවුලේ එකක් ලෙස පාලනය සිදු වුනා.

දැනටත් එහි කොටස් කරුවන් වන්නේ ඔහුගේ දරුවන් හා ඥාතීන්.

ඇමරිකාවේ ධවල මන්දිර පරිපාලක හැටියට ට්‍රම්ප් තෝරාගෙන ඇත්තේද පවුලේ සාමාජිකයෙක් වන බව සඳහන්.

අමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහණය බලාපොරොත්තු වූ එකක් නොවීම නිසා ඔබාමාගේ සිතේ කලකිරීම පෙන්වූ තවත් එක් අවස්ථාවක් ලෙස මෙම කතාව ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

රුසියාවේ ප්‍රචාරණ බලපෑමක් මත හිලරි පරාජයවීම ගැන කරුණු හෙළිවීමෙන් පසු රුසියානු තානාපති කණ්ඩායමක් පිටුවහල් කරන්නටත් ඔබාමා පසුගිය දිනවල කටයුතු කර තිබුනා.

ට්‍රම්ප් ලබන 20 වනදා සිට ඇමරිකානු ජනපති ධූරයේ වැඩ ඇරඹීමට නියමිතයි.