LATEST NEWS

Monday 20th February 2017 05:01:36


News

හම්බන්තොට ගැටුම්කාරී අවස්ථාවේදී එජාපය බයේ පැන දිවුවේ නෑ 


Views : 221     January 09, 2017 04:50 pm


පසුගිය දා හම්බන්තොටදී ඇති වු ගැටුම්කාරී අවස්ථාවේදී එජාපයේ පිරිස් බයේ පැන නොගිය බව එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසනවා.

එම සිද්ධියේදී කිසිඳු පුද්ගලයෙකුට සැලසුම් කර පහර නොදුන් බවත් ඔහු සඳහන් කර සිටියා.

අද (09) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ අදහස් පල කළා.

චීවර හැඳ ගත් පිරිසක් එම අවස්ථාවට පැමිණ සිටි නමුත් ඔවුන් සෑබෑ චීවරධාරීන්ද යන්න පිළිබද සැකයක් ඇති බවයි මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ.

එක්සත් ජාතික පක්ෂයෙන් 6000 ක පමණ පිරිසක්ද එම අවස්ථාවට එක් වී සිටි බව පෙන්වා දුන් ඔහු කියා සිටියේ ගැටුමක් ඇති කිරීමට අවශ්‍ය වුයේ නම් කෙළවර වන්නේ කෙතැනද යන්න පිළිබඳවද කිව නොහැකි බවයි.

රජයේ ඉඩම් බලෙන් අත්පත් කරගෙන ඇති පිරිස් මෙලෙස කලහකාරී අන්දමින් හැසිරී ඇති බවත්, රජයේ ඉඩම් බලෙන් අත්පත් කර ගත් පිරිසගෙන් එම ඉඩම් නැවත රජයට පරවා ගැනීමක් සිදු කරන බවත් මන්ත්‍රීවරයා සඳහන්කර සිටියා.

තවද විදේශ තානාපතිවරයෙකු ඉදිරියේ මෙවැනි හැසිරීම තුළින් ඔහු නැවත මෙරටට පැමිණේවිද යන්න පිළිබද සැකයක් ඇති වන බවද ඔහු අවධාරණය කළා.

 

MOST HITS IN A WEEK

READ MORE