LATEST NEWS

Monday 20th February 2017 05:02:07


News

රජයේ සංවර්ධන වැඩ කඩාකප්පල් කරන විපක්ෂය 


Views : 50     January 11, 2017 05:32 am


පෞද්ගලික දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සදහා ජාතික සංවර්ධන වැඩසටහන් කඩා කප්පල් කිරිමට විපක්ෂයේ ඇතැම් පිරිස් උත්සාහ දරන බවට රජය චෝදනා කරනවා. 
හම්බන්තොට කේන්ද්‍ර කරගනිමින් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රජය ආරම්භ කර තිබෙන බවත්  නව රැකියා අවස්ථා බිහිකරමින් ආර්ථිකයට ඉහලම දායකත්වයක් ලබාදීම සදහා මෙම වැඩසටහන් ආරම්භ කර ඇති බවත්  එභෙත් විපක්ෂ කණ්ඩායම් අසත්‍ය ප‍්‍රචාර ගෙන යමින් ජනතාව නොමග යැවීමට උත්සාහ දරන බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර මුජුබර් රහුමාන් සදහන් කරනවා.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (10) පැවති ප‍්‍රවෘත්ති සාක්චඡාවකට එක්වෙමින් මුජුබර් රහුමාන් මන්ති‍්‍රවරයා මෙම අදහස් පළ කර සිටි අතර හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ජනතාව දැනුවත් නොකලේ ඇයිදැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් මන්ති‍්‍රවරයා පිළිතුරු සදහන්කලා.

MOST HITS IN A WEEK

READ MORE