LATEST NEWS

Monday 16th January 2017 22:49:09


News

අවසන් වරට ජාතිය අමතන බැරැක් ඔබාමා


Views : 53     January 11, 2017 10:30 am


වසර අටකට පෙර තිබූ තත්ත්වයට වඩා ඇමෙරිකාව යහපත් සහ ස්ථාවර රටක් බවට පත්ව ඇති බව ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා පවසනවා. ඇමෙරිකා ජනාධිපතිවරයා සමුගැනීමේ කතාව සිදුකරමිනුයි මේ බව කියාසිටියේ. සිදුවන සෑම කටයුත්තක් දෙසම අවධානයෙන් බලාසිටිය යුතු බවයි ඇමෙරිකා ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ඇමෙරිකාවේ පළමු කලු ජාතික ජනාධිපතිවරයා ලෙස බැරැක් ඔබාමා ජනාධිපතිධුරයට පත්වන්නේ 2008 වසරේ දීයි. ඒ බලාපොරොත්තුව සහ වෙනස් කිරීම යන තේමාව සමගිනුයි. ඇමෙරිකා ජනාධිපති ලෙස තේරී පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ඔබාමා හදුන්වා දුන් ඇතැම් ප්‍රතිපත්ති වෙනස්කරන බවද ප්‍රකාශකර තිබෙනවා. ලබන 20වනදා ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපතිධුරයේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.