LATEST NEWS

Monday 16th January 2017 22:48:41


News

ක්‍රිඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය ප්‍රකාශවේ 


Views : 39     January 11, 2017 10:41 am


ක්‍රිඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය ඊයේ  ප්‍රකාශයට පත් කෙරුණා. ලබන මස 6වනදා සිට 12වනදා දක්වා මෙම සතිය ක්‍රියාත්මකයි. මේ පිළිබද විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

නිරෝගීමත්, ප්‍රීතිමත්, ක්‍රීඩාශීලී,ජයග්‍රාහී ශ්‍රී ලාංකික පරපුරක් බිහි කිරීම අරමුණුකර ගනිමිනුයි ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය ප්‍රකාශයට පත්කර තිබෙන්නේ. මීට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී සියලු අංශ දායක කරගන්නා ලෙසයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම සාකච්ඡාවේදී උපදෙස් ලබාදුන්නේ. සුවය, සතුට, ජයග්‍රහණය සදහා ක්‍රීඩා මැයෙන් ක්‍රියාත්මක සතියේ සෑම දිනයක්ම විවිද අංශ සඳහා වෙන්කර තිබෙනවා. දයාසිරි ජයසේකර, රාජිත සේනාරත්න, ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න, මහින්ද සමරසිංහ, චන්ද්‍රානි බණ්ඩාර යන අමාත්‍යවරුන් ද අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.