LATEST NEWS

Monday 20th February 2017 05:01:53


News

ධීවර හා ජලජ සම්පත් සංවර්ධනයට ජාතික ප්‍රතිපත්තියක්


Views : 62     January 11, 2017 11:59 am


ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධනය, සංරක්ෂණය හා කළමනාකරණය උදෙසා ස්ථීර ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට තීරණය කර තිබේනවා .

ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික හා මූල්‍ය සහය නෝර්වේ රජය විසින් ලබාදීමට එකඟතාව පළ කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා .

ධීවර හා ජලජ සම්පත් අවභාවිතය හේතුවෙන් එම සම්පත් විනාශ වී යාමේ තර්ජනයකට මුහුණදී සිටින බැවින් මෙම ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමට තීරණය කර තිබේනවා .

ලෝකයේ විශිෂ්ටතම ධීවර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන්නේ නෝර්වේ රටේ බැවින් මෙරට ප්‍රතිපත්තිය සකස් කිරීමට සහයෝගය ලබාදෙන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර  නෝර්වේ රජයෙන් ඉල්ලීමක් කර තිබේනවා .

එමෙන්ම නෝර්වේ රජය විසින් එරට ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්‍රයේ අත්දැකීම් හා පුළුල් දැනුමක් ඇති විද්වතුන් කණ්ඩායමක් මෙරටට එවා ඇති අතර මේ වන විට ඔවුන් එම ප්‍රතිපත්තිය සකස් කිරීමේ කටයුතුවල නිරත වී සිටින බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළා .

මෙම වසර තුළ මෙම ජාතික ප්‍රතිපත්තිය හඳුන්වාදීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබේ. 

MOST HITS IN A WEEK

READ MORE