LATEST NEWS

Monday 16th January 2017 22:48:52


News

වඳුරන්ට සහ වවුලන්ට ඇති මාර්ග සංවර්ධන අධිකාරියේ පුවරු


Views : 92     January 11, 2017 12:23 pm


රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය බලගැන්වීමේ අරමුණින් රාජගිරියේ මාර්ග සංඥා පුවරු ද්වි භාෂා ප්‍රතිපත්තියට අනුව සිදු කරන ලෙස ඉල්ලමින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය බලගැන්වීමේ ජාතික ව්‍යාපාරය විසින් කළ ඉල්ලීම පිළිබඳව සලකා බලා නොමැති බව, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ)සංවිධානය පවසනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය වෙත යොමුකළ ලිපියට පිළිතුරු දීම හෝ ඒ අනුව ක්‍රියාකිරීම තබා මේ වනවිට උඩු යටිකුරු වී ඇති පුවරු වත් යථා පරිදි සකස් කිරීමට කටයුතු කර නොමැති බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. 

 
මේ බව පෙන්වා දෙමින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය බලගැන්වීමේ ව්‍යාපාරය විසින් අද දිනයේ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති අතර “මාර්ග සංවර්ධන අධිකාරිය විසින් රාජගිරියේ සවිකර ඇති මෙම පුවරුව කියවිය හැක්කේ ‘වදුරන්ට‘ හෝ ‘වවුලන්‘ ට මිස මිනිසුන්ට නොවන බව එහි සඳහන්ය .