LATEST NEWS

Monday 16th January 2017 22:47:57


News

සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීම නොපිරිහෙලා ඉටුකරනවා 


Views : 72     January 11, 2017 06:09 pm


රට ආර්ථික අර්බුදයෙන් නිදහස් කරගනිමින් සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීමේ වගකීම නොපිරිහෙලා ඉටුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා .

වත්මන් රජයට කුමන ආකාරයේ චෝදනා එල්ල කළද රටේ ආර්ථික අර්බුදයක් මතුව ඇත්නම් එය ඉකුත් දෙවසර තුළ ඇති වූ තත්ත්වයක් නොව පසුගිය රජය නිර්මාණය කළ මහා ණය බරක් සමග මතු වු තත්ත්වයක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

 අද එම ප්‍රශ්නය විසඳීමේ වගකීම තමන් ප්‍රමුඛ වත්මන් රජය බාරගෙන ඇති බව ජනාධිපතිවරයා කියා සිටියේය.

මොරගහකන්ද ජලාශයට මංගල දියවර මුදාහැරීමේ උත්සවයෙන් අනතුරුව ඇලහැර මහවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවති ජනහමුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම අදහස් පළ කලා .

රටේ කාලගුණික හා දේශගුණික තත්ත්වයත් සමග බරපතළ නියඟයකට මුහුණදීමට සිදුව තිබුණද ජනතාව කුසගින්නේ තැබීමට රජය සූදානම් නොමැති බව ජනාධිපතිවරයා එහිදී කියා සිටියා .

ඉතා ඉක්මනින් සහල් ආනයනය කර අඩු මිලට ජනතාවට සහල් ලබාදීමට රජය තීරණය කර ඇති බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් පවසා ඇත.