LATEST NEWS

Monday 16th January 2017 22:48:08


News

විමල් අත්අඩංගුවටගත් කාරණය නි.අමාත්‍යවරයෙක් පවසයි 


Views : 185     January 11, 2017 06:28 pm


විමල් වීරවංශ  ඊයේ(10) දින  අත්අඩංගුවට ගනු ලැබුවේ අභ්‍යන්තර විගණන වාර්තාවක් අනුව බවත්, ඔහු විසින් කෝටි 9කට අධික පාඩුවක් සිදුකර ඇති බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා  පවසනවා .

එහිදී වාහන 40කින් එම පාඩුව සිදුකර ඇති බවත්, රජයේ නොවන ඇතැම් වාහන කුලී පදනම මත ලබාගත් ඒවා වන බවත්, ඇතැම් නිලධාරීන්ට අතිකාල දීමනා ආදිය ලබාදීම සඳහා වැය කර ඇති මුදල්ද මෙම කෝටි 9ට ඇතුළත් වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා  පෙන්වා දෙනු ලැබුවා 

එසේම විමල් වීරවංශ ද ඇතුළුව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයාත් මෙසේ වැරදි කිහිපයකට දඬුවම් විඳිය යුතු බව පොලීසිය පෙන්වා දුන් බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා .