LATEST NEWS

Monday 16th January 2017 22:47:51


News

තොරතුරු පනත මාස 6ක් ඇතුළත බලාත්මක කළ යුතුයි


Views : 58     January 11, 2017 06:47 pm


අද (11) කොළඹදී පැවති  කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඉදිරියේ දී බලාත්මක කිරීමට නියමිත තොරතුරු දැන ගැනීමේ පනත සම්බන්ධයෙන්  අදහස් පළ විය.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක‍ මෙසේ සඳහන් කළා .

“තොරතුරු දැන ගැනීමේ පනත අපි සම්මත කර ගත්තා. ඒක මාස 6ක් ඇතුළත බලාත්මක කළ යුතුයි. මෙයින් ඇතැම් කරුණු සහ පෞද්ගලික වෛද්‍ය තොරතුරු නැතුව වෙනත් කරුණු සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්. මේක මාධ්‍යයට පනවනවා කියලා වැරදි තොරතුරක් ගියා. ඒත් ඒක එහෙම පනතක් නෙමෙයි. මේක පුරවැසියන් විදිහට ලැබූ ලොකු ජයග්‍රහණයක්.“ 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මෙසේ පවසා සිටියා .

“ලෝකෙ කොහෙවත් තොරතුරු පනත හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. දැනට රාජ්‍ය ආයතනවල මේක ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. පැය 24ම මේක ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. රාජ්‍ය සේවාව ක්‍රියාත්මක වෙන කාලයේ විතරයි මේක ක්‍රියාත්මක වෙන්නෙ.“

මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට එක්වෙමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය  පවසා සිටියේ "මාධ්‍ය විසින් මෙම පනත උල්ලංඝණය කළහොත් දින 14කට සිරගත කළ හැකි ආකාරයට මෙම පනත ඔස්සේ ප්‍රතිපාදන සැලසී ඇති බවයි".