LATEST NEWS

Monday 16th January 2017 22:47:38


News

මාතර එකම පවුලේ 5ක් පෝරකයට


Views : 81     January 11, 2017 07:08 pm


පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පස් දෙනෙකුට මාතර මහාධිකරණය මරණ දඬුවම ලබා දුන්නා. තවත් නඩු කිහිපයක් අධිකරණ හමුවේ අද කැඳවනු ලැබුවා.

ගන්දර පොලිස් වසමේදී හතළිස් හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මාතර මහාධිකරණය හමුවේ සැකකරුවන් පස් දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණා. එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුවන් පස් දෙනාට මරණ දඬුවම ලබා දීමටයි මාතර මහාධිකරණය නියෝග කළේ. මීට  කාන්තාවන් තුන් දෙනෙකු ද ඇතුළත්.

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට අයත් මෙරට බැංකු ගිණුම් දහඅටක රුපියල් මිලියන තුනකට අධික මුදලක් ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. මෙම පෙත්සමේ වැඩිදුර විභාගය ලබන මස විසිතුන් වනදාට කල් තැබුණා.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේට එරෙහිව ගොනුකර ඇති අධිකරණයට අපහාස කිරීමට අදාළ නඩුව පෙබරවාරි 14 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද තීරණය කළා.